top of page

ඔටෝ ඩයිවින් ස්කූල්

1950 වර්.ෂයේ දී ආරම්භ කරන ලද ගම්පහ ඔටෝ ඩයිවින් ස්කූල් අප ආයතනය ශ්‍රී ලංකීය රියදුරු පාසල් ක්ෂේත්‍රයේ මූලාරම්භක පාසැල් අතුරින් එකකි.

දැනට දශක හයකට එහා ගිය කීර්.තිමත් නාමය රැකගෙන අභියෝගාත්මක ගමන් මගක් ඔස්සේ දක්ෂ රියදුරන් රැසක් බිහිකළ අප ආයතනය දේශීය හා විදේශීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ආයතනයකි.

දේශිය විදේශීය හා අධ්‍යාපනය ලබන, රැකියාවන් හි නියුතු හා ගෘහණියන් ඇතුළු විශාල පිරිසක් වෙත සියලු රියදුරු බලපත්ර අවශ්‍යතා  වෙනුවෙන් විද්‍යානුකූල හා ක්‍රමවත් දක්ෂ උපදේශක මග පෙන්වීම් යටතේ මනා පුහුණුවක් සහිත විනයගරුක දක්ෂ රියදුරන් බිහි කරමින් පවතී.

අප සේවාදායකයා වෙත ලබා දිය හැකි උපරිම ආකාරයෙන් සහන රැසක් අප ආයතනය මගින් පිරිනමන අතර පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීම් කර තමන්ට පහසු වේලාවන් වෙන් කර ගෙන පුහුණුව ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සිදු වේ.

අප ආයතනය වෙත පැමිණෙන සියලුම සේවා දායකයන් වෙත මනා පුහුණුවක් ලබාදීමත් ඔහුන් සමාජයේ ගෞරවයට පාත්‍ර වන දක්ෂ විනයගරුක මනා හික්මීමක් සහිත රියදුරන් බිහි කරමින් ශාර්.ථකව ඉදිරියට පවත්වාගෙන යාම අප කාර්.ය මණ්ඩලය ඒකායන අරමුණින් වෙහෙස වෙමු.


ජගත් පතිරණ මහතා
විදුහල්පති 
ඔටෝ ඩයිවින් ස්කූල් - ගම්පහ

දැක්ම 

රියදුරු පාසල් ක්ෂේත්‍රයේ මූලාරම්භක පාසලක් වන අප ආයතනය අනෙකුත් රියදුරු පාසල් සදහා ආදර්ශමත්ව මනා පුහුණුවක් සහිත විනයගරුක දක්ෂ මනා හික්මීමක් අවබෝධයක් සහිත රියදුරන් සමාජ ගත කිරීම.
මෙහෙවර

රියදුරු බලපත්ර අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්ෂා කරන සියළු සේවා දායකයන් වෙනුවෙන් සේවාදායකයා තෘප්තිමත් වන ආකාරයට දක්ෂ විනයගරුක රියදුරු උපදේශක මගපෙන්වීම යටතේ සාධාරණ මිල ගණන් යටතේ මනා පුහුණුවක් ලබා දී දක්ෂ විනයගරුක යහපත් හික්මීම අවබෝධය ඉවසීම සහිත රියදුරු මහත්ම මහත්මීන් බිහි කරමින් දෙස් විදෙස් රියදුරු අවශ්‍යතා සපුරා දීමට හැකි උපරිම ආකාරයෙන් සේවය ලබා දීම.

සතියේ සෑම දිනකම 08.00පෙ.ව සිට 06.00ප.ව දක්වා විවෘතව ඇත.

අවශ්‍ය අයට මෙම වේලාවන් වලට අමතරව පහසු වේලාවන් වෙන්කරවා ගැනීමේ හැකියාවද පවතී

Auto Driving School - Gampaha

අංක 09, මංගල පාර, ගම්පහ, ශ්‍රී ලංකා.

071 24 50 798

033 2 222 106

  • Facebook

Auto Driving School

comments and other

Thanks for submitting!

bottom of page